ඔයාලා හැමෝම දන්නවාත් වගේ ඉතාමත් කෙටි කාලයක් තුල ලෝකයේම ආදරය දිනා ගත්තු k-pop ටීම් එකක් තමයි මේ blackpink ලා කියන්නේ. කොහොම හරි මෙයාලා selena gomez එක්ක එකතු වෙලා මේ කොරෝනා කාලේ single එකක් කරනවා ice cream කියලා. ඉතින් දුරස්ථව තමයි මේ වීඩියෝ එහෙම හදලා අන්තිමට එකතු කරලා තියෙන්නේ. කොහොම නමුත් දැනටම මේක රටවල් 80 ක විතර youtube එකේ trending 1 ඇවිත් තියනවා. ලංකාවේ නම් trending#15 ඇවිත් තිබ්බා. දැනට මිලියන 80 කටත් වඩා මේ සිංදුව බලලා තියනවා. ඒ වගේම තමයි like මිලියන 7 සහ comments මිලියන 2.5 දක්වා ඇවිත් තිබෙනවා. බලමු අපි මේක bts ලගේ dynamite එකේ record එක කඩයිද කියලා.  ඒ වගේම මේකත් dynamite වගේ මුළු සිංදුවම පේලි දෙකක් තුනක් ඇරුනහම ඔක්කොම english වලින් කියන්නේ. ඉතින් මේක ලස්සන ගීතයක්. ඔයාලත් අහලා බලන්න.