අද අපි අරගෙන ආවේ ඉතාමත් ලස්සන හින්දි ගීතයක් ගැන තොරතුරු. මේ ගීතය කියන්නේ සුප්‍රසිද්ධ ඉන්දියානු ගායක Arijit Singh ඒ වගේම Meet Bros සහ Neha Kakkar විසින්. මේ සිංදුව නිකුත් කරේ 2017 දී Rabta ෆිල්ම් එකට සමගාමීව. කොහොම නමුත් අපි හැමෝම දන්නවා එහි රඟපෑ නළු සුශාන්ත් සිංග් මේ වෙද්දී මිය ගිහින් තියනවා. මේ සිංදුවේ මියුසික් video එකට රංගනයෙන් දායක වෙන්නෙත් සුශාන්ත් සිංග් සහ ක්‍රිති සැනොන්. මේ සිංදුව dance pop ගණයට අයත් වෙනවා.
මේ සිංදුවේ මුල්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ Sohrabbudin විසින් වෙනවා. ඊට පස්සේ ඒක Sourav Roy විසින් ප්‍රතිසංස්කරණය කරලා තියනවා. මේ සිංදුව මුල්ම පද රචනය කරලා තියෙන්නේ Jitendra Raghuvanshi විසින් වෙනවා. පසුව ඒක Rakesh Kumaar විසින් නැවත ප්‍රතිසංස්කරණය කරලා තියනවා. සින්දුවේ මියුසික් වීඩියෝ එකේ Choreography එක නැත්නම් නර්තන විලාසය නිර්මාණය කරලා තියෙන්නේ Ahmed Khan විසින්. ඒ වගේම වැඩි දුරට ඒක ගැන කියනවා නම් J Star's 2015 දී track එකක් තිබිලා තියනවා "Na Na Na Na" කියලා. ඉතින් මේකට දාපු නර්තන විලාසයේ ප්‍රතිසංස්කරණය කරන ලද අලුත් මුහුන්වරක් තමයි නර්තන විලාසය හැටියට යොදාගෙන තියෙන්නේ.
මේ ගීතය මේ වෙනකොට youtube හී මිලියන 400 කිට්ටු ප්‍රමාණයක් නැරඹුම් වාර තිබෙනවා. ඒ වගේම CNN-News18 මේ සිංදුව "Party Anthem of the Season" විදිහටත් 2017 හඳුන්වලා තියනවා.


0 Comments