Despacito ගීතය අවුරුදු 3 ක්ම ගත වෙලා තිබ්බත් තාමත් සමහර වෙලාවට අපි අහන ලෝකේ දැනට වැඩිම ප්‍රසිද්ධත්වයට සහ ජනප්‍රියතාවට ලක්වුණු සිංදුව කියලා මම මේක කිව්වට වරදක් නැහැ මම හිතන්නේ. මොකද කියනවා නම් තවමත් කිසිම කෙනෙක්ට බිඳ නොහෙළිය හැකි වාර්තාවක් මේක තබා තිබෙන නිසා. ඒ youtube හී නැරඹුම්වාර ප්‍රමාණය අතින්. ලෝකයේ එතෙක් මෙතෙක් වීදියෝවකට ලබා ගත හැකි වැඩිම නැරඹුම්වාර ප්‍රමාණය වෙන 6.9B+ නැරඹුම්වාර ප්‍රමාණයක් ලබා ගන්න මේ ඇමරිකන් ස්පැනිශ් ගීතය ලබා ගන්න සමත් වෙලා තියනවා. තාමත් මට මතකයට නැගෙනවා අපි මේ සිංදුව ආපු කාලේ දිනකට 10 වතාවකට වඩා මේ සිංදුව බැලුව සහ ඇහුව්ව හැටි. හැමෝම එහෙනම් ඒක ගැන පොඩ්ඩක් මතකයට එහෙම නගා ගන්නකො.

පෝර්ටෝ රිකන් ගායකයෙක් වෙන Luis Fonsi සහ පෝර්ටෝ රිකන් rapper කෙනෙක් වෙන Daddy Yankee විසින් තමයි මේ සිංදුව ගායනා කරන්නේ. මෙයා 2019 දී නිකුත් කරපු Vida කියන album එකේ single එකක් විදිහට 2017 දී තමයි මේ despacito සිංදුව නිකුත් කරන්නේ. මේ සිංදුව නිකුත් කරන්නේ 2017 ජනවාරි 12 වෙනිදා Universal Latin ආයතනය හරහා. මේ සින්දුව රචනා කරලා තියෙන්නේ Luis Fonsi, Daddy Yankee සහ Erika Ender විසිනි. ඒ වගේම තමයි නිෂ්පාදන කටයුතු සිදු කරලා තියෙන්නේ Mauricio Rengifo සහ Andres Torres විසිනි. ඒ වගේම මේ සිංදුව මෙයාලා 2017 දී අප්‍රේල් 17 වෙනිදා Justin Bieber එක්ක English Remix කරපු නිසා මේක අතිශය ජනප්‍රිය වෙනවා ආසියානු රටවල පවා ඉතාමත් දැඩි ලෙස. මේ සිංදුව නිසාම නැවත වතාවක් යටට ගිහින් තිබූ ඒ ලස්සන spanish සංගීතය නිර්මාණය කිරීමට ගොඩක් නිෂ්පාදක වරු එදා පටන් නැවත ආරම්භ කරා.

මේක latin pop සහ reggaeton කියන සංගීත කාණ්ඩ වලට අයත් වෙනවා. මේ සිංදුවට ඒ අවුරුද්දේ පැවැත්වුණු  Latin Grammy Awards වලදී  Record of the YearSong of the YearBest Urban Fusion/Performance සහ Best Short Form Music Video කියන සම්මාන ලබාගෙන තියනවා. ඒ වගේම තාමත් අංක 1 තියන Latin සිංදුව මේක තමා. 

මේ සිංදුව රටවල් 47 charts වල ඉහලම රැඳී ඉන්න සමත් වෙලා තියනවා. ඒ වගේම 1996 -  los del rio ගයන macarena සිංදුවට පස්සේ පලවෙනි වතාවට spanish සිංදුවක් ඇමරිකාවේ Billboard Hot 100 වලට එකතු වුණු අවස්තාවක් විදිහට දක්වන්නත් පුළුවන්. ඒ වගේම මේක billboard music වල  longest-reigning number one on the Billboard Hot 100 at the time හී සති 16 එක දිගට ඉහලම තැන රැඳෙන්න සමත් වුණා. ඒ වගේම longest-running number-one on the Hot Latin Songs chart හී සති 54 රැඳී ඉන්න සමත් වීම අති විශිෂ්ට කාරණාවක්. ඒ වගේම මේක පත් වුනා පලවෙනි වතාවට latin සිංදුවක්  Recording Industry Association of America විසින් දියමන්ති සහතිකය පිරිනමපු. කලින් කිව්වත් වගේ මේක තමයි 2017 ඉඳන් most-viewed YouTube video of all-time  බවට පත් වෙන්නෙත්.