ඉතින් ඔයා tiktok වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ සින්දුව අහල තියෙන්න ඕනේ. මොකද මේ සින්දුව පහුගියකාලේ tiktok එකේ ලොකු trend එකක් වෙලා තිබ්බ. ඇත්තටම මේ සින්දුවට වැඩියෙන්ම ප්‍රරසිද්දියක් ලැබුවේ tiktok නිසා කිව්වත් වැරදි නැහැ. Savage love වලට හදපු tiktok එකතු කරලා Jason, සින්දුවට වෙනම music video එකකුත් හදල තියනවා අපිට බලාගන්න පුළුවන්.
හැබැයි ඒ වගේම සින්දුව ගැන ගොඩක් අය නොදන්නා පැත්තකුත් තියනව. Jawsh තමා මුලින්ම මේ සින්දුවේ instrumental එක release කරලා තියෙන්නේ ඒක ඔහු නම් කරලා තියෙන්නේ "Laxed (Siren Beat)" කියලා. Jawsh, siren beat එකේ remix එකක් කිරීමට Jason ඇතුළු ගායකයින් කිහිපදෙනෙක් සමග කතාබස් කරගෙන තිබෙනවා. පසුව Jason, Siren Beat එක පාදක කරගෙන තමා savage love release කරලා තියෙන්නේ. කොහොම හරි Jason, Jawsh ගේ beat එකට clearance එක ලබාගෙන තිබුනේ නැහැ වගේම ඔහුට credit එකත් ලබනොදී තිබෙනවා. Jason ට සින්දුවේ මුළු අයිතිය තමන්ට තබාගෙන Jawsh, producer කෙනෙක් විදිහට තබා ගැනීමට ඕන උන නිසා මේ ප්‍රශ්නේ අතිඋනා කියලා තමා ආරංචි වෙන්නේ. කොහොම හරි artist ල දෙන්න තමන්ගේ තරහමරහ අමතක කරලා සමාදානයකට ඇවිල්ල jawsh ගේ නම artist කෙනෙක් විදිහටත් co-writer කෙනෙක් විදිහටත් සින්දුවට ඇතුලත් කරලා තියනව කියලා Colombia Records ආයතනය ප්‍රකාශ කරලා තියනවා.
ගීතයේ කැපිපෙනෙ දෙයක් විදිහට United Kingdom, New Zealand, Australia, Ireland, Canada and Germany වැනි රටවල් ගණනාවක පළමු ස්ථානය chart කිරීමට මෙම ගීතය සමත් වී තිබෙනවා. ඉතින් බදා දහසක් මැද උනත් savage love සින්දුව ලොවපුරා සංගීත රසික හදවත් විශාල ප්‍රමාණයක් දිනාගැනීමට සමත් වෙලා තියනව කියන එක රහසක් නොවේ කියා ඔබට වැටහෙනවා ඇති. ඔයා තාම savage love අහල නැත්නම් අහල බලන්න සමහරවිට මේක ඔයා ගොඩක් ආදරය කරන ගීතයක් වෙයි. :-]


0 Comments