හැමෝටම සුබ දවසක්. අද අපි අරගෙන ආවේ bts ලගේ සිංදුවක් ගැන තොරතුරු ටිකක්. මේ truth untold සිංදුව මුලින්ම එලි දැක්වුණේ 2018 මැයි 18 වෙනිදා Love Your Self:Tear කියන album එක හරහා big hit ආයතනය විසින්. ඒ වගේම Steve Aoki එක්ක මෙයාලා කරපු දෙවෙනි සිංදුවත් මේක තමයි.

මේ සිංදුව නිර්මාණය වෙලා තියෙන්නේ ඉතාමත් ලස්සන සිදු වීමක් වටා. ඇත්තටම මේක සෑහෙන්න ආදරණීය සිංදුවක්. ගොඩක් කට්ට්ය bts ලට සහ කොරියන් සිංදු වලට අකමැති ඇයිද කියලා හිතා ගන්න බැහැ. කොහොම නමුත් මේ සිංදු අහන අපි දැනගෙන ඉන්න අවශ්‍යම දෙයක් තමයි මේ සින්දුවේ තේරුම සහ එයින් කියවෙන දේ.
ඉතින් ඔයාලට කොරියන් තේරෙන්නේ නැත්නම් කමක් නැහැ මේ සින්දුවේම english version එක emma heester කියනවා. මම දෙකේම lyrics දාන්නම් ඒක නිසා පහලින්.

외로움이 가득히 - තනිකමෙන් පිරී ඇත
피어있는 이 garden - මල් පිපුණු උද්‍යානය
가시투성이 umm  - ගොරෝසු කටු ඇති
이 모래성에 난 날 매었어 - මාව මේ වැලි මාලිගාවේ එල්ලා ඇත

너의 이름은 뭔지 - මොකක්ද ඔබේ නම? 
갈 곳이 있긴 한지 - එහි තිබෙනවාද යාමට තැනක්?
Oh could you tell me? - ඔහ්හ් ඔබට පුළුවන්ද මට කියන්න?
이 정원에 숨어든 널 봤어 - මම දැක්කා ඔයා මේ උද්‍යානයේ හැංගෙනවා

And I know - ඒ වගේම මම දන්නවා
너의 온긴 모두 다 진짜란 걸 푸른 꽃을 꺾는 손 - ඒ නිල්මල් නෙලා ගන්නා අත
잡고 싶지만 - මට ඕනේ එය අල්ල ගන්න
내 운명인 걸 - එය මගේ ඉරණමයි

Don't smile on me - මට හිනා වෙන්න එපා
Light on me - මට ආලෝකය ලබා දෙන්න
너에게 다가설 수 없으니까 - මොකද මට ඔබ වෙත පැමිණිය නොහැකි නිසා
내겐 불러줄 이름이 없어 - මට කතා කිරීමට නමක් නැහැ

You know that I can't - ඔබ දන්නවා මට බැහැ කියා
Show you me - ඔබව මට පෙන්වන්න
Give you me - ඔබව මට ලබා දෙන්න
초라한 모습 보여줄 순 없어 - මට බැහැ ඔබට අවලස්සන බව පෙන්වන්න
또 가면을 쓰고 널 만나러 가 - මම නැවතත් වෙස්මුහුණක් පැලඳ ඔබව බලන්න යන්නම්
But I still want you - ඒත් මට තාමත් ඔබව අවශ්‍යයි

외로움의 정원에 핀 너를 닮은 꽃 - තනිකමේ උද්‍යානයේ ඇති පයින් ගසට සමාන මලක්
주고 싶었지 ooh hoo hoo - මට ඔබට දෙන්නට අවශ්‍යයි.
바보 같은 가면을 벗고서 - ඔබේ වෙස් මුහුණ ගලවා දමන්න

But I know 영원히 그럴 수는 없는 걸 숨어야만 하는 걸 - ඒත් මා දන්නවා මට සිද්ද වෙනවා කියා සඟවන්න මට සැමදාමත් කල නොහැකි දේ
추한 나니까 - මොකද එය අවලස්සන නිසා.

난 두려운 걸 - මට බයයි
초라해 - අවලස්සන නිසා
I'm so afraid - මම සෑහෙන්න බයයි
결국엔 너도 날 또 떠나버릴까 - ඔයා මේ හැමදේකටම පස්සේ ආපහු මාව තනි කරලා යයි කියා.
또 가면을 쓰고 널 만나러 가 - වෙස්මුහුණ පැළඳ ඔබව හමු වෙන්න යන්නම්

할 수 있는 건 - ඔයාට කරන්න පුළුවන් එකම දෙය
정원에- උද්‍යානයේදී
이 세상에 - මේ ලෝකයේදී
예쁜 너를 닮은 꽃을 피운 다음 - ඔබ වගේ ලස්සන මලක් ඔබට ලැබුණු දවසක
니가 아는 나로 숨쉬는 것 - ඔබ දැන ගනිවී මමත් ඔබ සමඟ හුස්ම ගන්නා බව
But I still want you - ඒත් මට තාමත් ඔබව අවශ්‍යයි
I still want you, ah - මට තාමත් ඔබව අවශ්‍යයි

어쩌면 그때 - සමහර විට එතකොට
조금만 - ටිකක් විතර
이만큼만 - මේකෙන් පමණක්
용길 내서 너의 앞에 섰더라면 - මම ඔබ වෙනුවෙන් හිටියොත්
지금 모든 건 달라졌을까 - සෑම දෙයක්ම දැන් වෙනස් වේවිද?

난 울고 있어 - මම හඬනවා
사라진 - අතුරුදහන් වී යනවා
무너진 - බිඳ වැටෙනවා
홀로 남겨진 이 모래성에서 - මේ වැලි මාලිගාව තනි කර දමා
부서진 가면을 바라보면서 - බලා සිටිනවා කැඩුණු වෙස්මුහුණ දිහා

And I still want you - ඒ වගේම මට ඔබව අවශ්‍යයි
But I still want you - ඒත් මට ඔබව අවශ්‍යයි
But I still want you - ඒත් මට ඔබව අවශ්‍යයි
And I still want you - ඒ වගේම මට ඔබව අවශ්‍යයි

Songwriters: Annika Marie Wells / Do Hyung Kwon / Jacob Casey Torrey / Namjun Kim / Noah Patrick Conrad / Roland Max Spreckley / Steven Hiroyuki Aoki


හොඳයි කට්ටිය ඔය දැම්මේ bts ලා කියන සිංදුවේ සරල විදිහට පේලි වල තේරුම. මම දැන් කියන්නම් මේ ලස්සන ආදරණීය සිංදුවේ නිදාන කතාව, එහෙම නැත්නම් මේ සිංදුව bighit ආයතනය විසින් නිර්මාණය වීමට තුඩු දුන් ඒ ලස්සන කතාව. පස්සේ මේකට යටින් මේ සිංදුවේ ඉංග්‍රීසී පරිවර්තනය දාන්නම්.

හොඳයි 1500-1600 ගණන් වල ඉතාලියේ කුඩා නගරයක් තිබ්බා. ඉතින් එක්තරා සිදුවීමක් වෙලා තියනවා. මේ කතාව ඇත්තද? ඔව් ඇත්ත. හැබැයි මේක ජනප්‍රවාද කතාවකුත් වෙනවා. හොඳයි මේ කතාවේ නම තමයි "ලා සිටා ඩි ස්ම්රෙල්ඩො"( මේක ඇත්තටම නිල් පාට ලස්සන මලක්). කතාව දිව යන්නේ පරණ වුනු වැලි මාලිගාවක් වගේ මාලිගාවක තනියම ජීවත් වුණු "කැත/අවලස්සන" මනුස්සයෙක් ගැන. එයාගේ පෙනුම නිසා අනිත් අය එයාට ගොඩක් කැමති වුනේ නැහැ. ඒක නිසා මෙයා සෑහෙන්න දරුණු වගේ අනිත් අයට වෛර කරන පුද්ගලයෙක් බවට පත් වුණා. මේ හේතුව නිසාම එයා එයාගේ කෝපය තුල ගිලුනා. එයා කාටවත් කැමති වුනෙත් නැහැ, ඒ වගේම ඔහුගේ හදවටැහැ කිසිම කෙනෙකුට විවෘත වුනෙත් නැහැ. ඉතින් එයාට තිබ්බ එකම සතුට වුනේ එයාගේ උද්‍යානයේ මල් හිටවන එක. ඉතින් මෙහෙම මෙයා කාලය ගත කරද්දී එක දවසක් මේ මාලිගාව අසලට කාන්තාවක් ඇවිල්ලා මාලිගාවේ වැට උඩින් පැනලා මේ මල් වත්තට ඇතුළු වෙලා මලක් කඩා ගන්නවා. ඉතින් මේක සිදු වෙලා තියෙන්නේ රෑක. ඉතින් මේ මනුස්සයාට හොඳටම මේකට තරහ ගිහිල්ලා තියනවා. ඉතින් ඊළඟ දවසේ මෙයා මුළු රෑම හොඳ සෙවිල්ලෙන් හිටියත් මෙයාට නින්ද යනකොට අර ගෑනු ළමයා නැත්නම් කාන්තාව ඇවිත් මලක් කඩාගෙන යනවා. ඉතින් මේක මේ විදිහට දවස් දෙකතුනකම සිද්ද වෙනවා. පස්සේ මේ පිරිමි කෙනාට මේ කාන්තාව ගැන අමුතු හැඟීමක් ඇති වෙනවා. ඉතින් හැම දාම නිදා ගන්නවා වගේ ඉඳලා මේ මනුස්සයා අර කාන්තාව මලක් කඩාගෙන යන හැටි හරි ආසාවෙන් බලාගෙන යනවා. හැබැයි කඩා ගන්නේ එක මලයි. ඉතින් මෙයාට මේක ප්‍රශනයක්. දවසක් මෙයා මෙයාගේ අවලස්සන මුහුණ වෙස්මුහුනකින් බැඳගෙන යනවා මේ ගෑනු කෙනා පස්සේ. ඊට පස්සේ මෙයා දකිනවා අර කඩා ගෙන යන මල විකුනලා තමයි එයා ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ගෑනු කෙනා ගැන අනුකම්පාවක් සෙනෙහසක් ආදරයක් ඇති වෙනවා. මෙයාට ඕන වෙනවා ඒ ගෑනු කෙනාට උදව් කරන්න. ඒත් මෙයා බයයි  වෙස් මුහුණ ගලවලා ගිහින් එයාට ඇත්ත කියලා උදව් කරන්න මොකද එයා ආපහු තමන්ගේ උද්‍යානයට මලක් කඩා ගන්න එන්නේ නැති වෙයි කියලා. ඉතින් මෙයාට උදව් කිරීමේ පරමාර්ථයෙන් මේ මනුස්සයා මේ ගෑනු කෙනාට හැමදාම මලක් කඩා ගන්න ඉඩ දෙනවා. ඒ අතර තුර මෙයාව පෝසත් කෙනෙක් කරන්න මෙයාට උදව් කරන්න මේ පිරිමි කෙනා ලෝකයේ කොහෙවත් නැති මලක් හදන්න උත්සහ කරනවා. ඉතින් උත්සාහයන් කිහිපයක් අසාර්ථක වීමෙන් පස්සේ මෙයා ඒ වගේ මලක් හොයා ගන්නවා. පස්සේ ඒ මල් හදලා තමන්ගේ උද්‍යානයේ තියනවා. ඉතින් එයා ඊලග දවස එනකම් ඉන්නවා මේ කාන්තාව එනකම්. ඒත් එයා කොච්චර බලන් හිටියත් එයා එන්නේ නැහැ. ටික දවසක්, කාලයක් බලං ඉන්නවා ඒත් ඇය නැවත ආවේ නැහැ. මොකද ඔහු පස්සේ හොයා ගන්නවා ඇය මිය ගිහින් කියලා.

ඔන්න ඔච්චරයි කට්ටිය කතාව. මෙයා මරුනේ ඇයි? ඇත්තටම මේ පිරිමි කෙනාට අමතක වුනා ඇය තමන්ගේ එදිනෙදා ජීවත් වීමට කඩාගෙන යන මල් හිට වන්න, මොකද එයා හිටියේ වෙනත් උත්සහයක නිසා. ඉතින් ඇයට ජීවත් වීමය ක්‍රමයක් නැති නිසා එයා මියගියා. ඉතින් bighit ආයතනය පවසන පරිදි (2018 හොඳේ මෙයාලා කියලා තියෙන්නේ) bts ලගේ තේමාව(album) තමයි "ඔබ ඔබට ආදරය කරන්න" (love your self album) කියන එක. ඉතින් අර මනුස්සයා තමන්ට ආදරය කරා නම් අර කාන්තාව සමඟ ආදරයෙන් වෙලිලා ලස්සන ජීවිතයක් ගත කරන්න තිබ්බා. ඉතින් මේ කතාවට උපහාරයක් පිණිස තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔබ කෙනෙක්ගේ සතුටට පෙර තමන්ගේ සතුට ගැන හිතන්න. මොකද ඒක තමයි හොඳම විදිහ අනිත් අයව සතුටෙන් තියන්න පුළුවන්. 2018 මේ සිංදුව එළිදක්වලා මෙයාලට කියන්න ඕන වුනේ මෙන්න මේ දේ තමයි. එහෙනම් කට්ටිය මේකේ english version එකේ lyrics ටික මම යටින් දානවා.


I woke up in a castle,
in a blossoming garden,
feeling so lonely
mmm
I hung myself,
in this mess
filled with thorns.

tell me what do they call you?
where are you running off to?
ah could you tell me?
mmm
I found you hidden away in this garden.

and I know, your warmth is
the closest to reality,
the flowers that you picked for me
reaching for your hand.

but this is my fate
don't smile on me,
light on me
no I can never take another step to you
don't have a name to call me by anymore

you know that I can't
show you me,
give you me,
the weaknesses that I
hide you can never see
I’m wearing a mask again so I can see you

but I still want you.

wanna give you a flower,
from this lonesome garden,
reminding me of you
mmm
I'd give you all and take
this foolish mask off.

but I know, that I can
never give you more than that
forever may be in the past
hide the ugly now.

cause I'm so afraid
that in the end,
you'll leave again.
It may be sad, but what
was I supposed to do?
I’m wearing a mask
again so I can see you

I'm crying my soul out
I'm all alone,
these walls won't hold
the castle made of sand
is falling from stone
I'm taking off the
mask to go and see you

but I still want you
and I still want you

ooh ooh ooh

Maybe back then
If i was brave
I’d show you me
We could finally be happy
young wild and free
I'd give you all and take
this foolish mask off.

But my heart is breaking,
falling, deeply
the castle made of sand
has fallen from within
I throw away my mask and see it sinking

But I still want you    

 ඉතින් මෙන්න මේක තමයි අපි මේ සිංදුවේ නොදැකපු පැත්ත. මේකට official වීඩියෝ එකක් නම් නැහැ ඒක නිසා මම lyrics එකක් දැම්මා. ඔයාලා හැමෝමත් මේ සිංදුව අහලා ඔයාලට දැනුනු දේ කියාගෙන යන්න. ඉතින් තවත් මේ වගේම post එකක් අරගෙන ඉක්මනට අපි නැවත හම්ඹ වෙමු.