කොහොමද හැමෝටම. ඔන්න අද අපි අරගෙන ආවේ 2019 දී bns ලා විසින් ඔබ නිසා album එක මගින් නිකුත් කරපු සරාගී ඇසිල්ලේ ගීතයේ තොරතුරු ටිකක් අරගෙන. oba nisa (ඔබ නිසා) album එකේ white edition එක මගින් නිකුත් කරපු සිංදු 12 වැඩියෙන්ම හිට් වුනේ මෙන්න මේ සිංදුව. 

මේ සිංදුව ගායනා කරන්නේ භාතිය සහ සංතුෂ් සමඟින් උමාරියා සිංහවංශ සහ සනුක වික්‍රම සිංහ. මේ සිංදුව ලියලා තියෙන්නේ නම් සනුක වික්‍රමසිංහ, භාතිය ජයකොඩි ඒ වගේම චිමිත කුරේ විසින්. මේකේ සංගීත නිෂ්පාදන වැඩ කටයුතු සියල්ල පවා කරලා තියෙන්නේ චමිත කුරේ(Chamitha Cooray) විසින්. ඒ වගේම මේක මාස්ටර් කරලා තියෙන්නේ මහේෂ් කන්කානිගේ විසින්. ඒ වගේම මෙහි නිෂ්පාදන ආයතනය විදිහට අපිට දක්වන්න පුළුවන් Saregama Music Productions ආයතනය.

මේ සිංදුව දැනට youtube වල මිලියන 1.7 නැරඹුම් ප්‍රමාණයක්, ඒ වගේම 31K+ like ප්‍රමාණයක්, සරිගම අඩවියෙන් ලක්ෂයකට අධික බාගත කිරීම් ප්‍රමාණයක් මෙහි සිද්ද කරලා තියනවා. ඉතින් ලංකාවේ රැල්ලට යන බූට් සිංදු සහ මල් සිංදු වලින් මිදුණු අමුතුම ගනයේ සංගීත රසාස්වාදය ලබා දෙන ලංකාවේ සංගීත ශිල්පීන් අතලොස්සකගෙන් එක කට්ටියක් විදිහට මට මේ අයව නම් කරන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් කියන්න තියෙන්නේ දැන්ම මේ සිංදුව අහලා නැත්නම් හැමෝම ගිහින් සිංදුව අහන්න.

SGM FILMS PRODUCTION 

  • Director & Script- Dilon de Silva
  • Executive producer - Santhush Weeraman
  • Cheoreographer - Ramod Malaka
  • Producer - Lasitha Malaviarachchi
  • Cinematographer - Chathur Deshapriya
  • Editor - Lahiru Hettiarachchi
  • Colorist - Ananda Bandara
  • Vfx - Menaka Sandaruwan / Namal K Suriyapperuma
  • Assit. Director - Amila Samarakoon / Chamath Hettiarachchi
  • Production Manager - Hemakumara Priyadarshana
  • Art Direcoter - Janaka Bandara
  • Makeup - Nayana Ujith
  • Hair - Asanka SanjeewaCostume - Roshan Indrajith
  • Lyrics - 
    නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ
    ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
    නෙතු ඔබ මා බැදුණා ඒ ගංතීරේ
    ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
    සිහිනෙන් පෑ වදනින්
    නෙතු කැල්මේ බැල්මෙන්
    තවමත් මා හද කැළඹේ
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
    දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
    අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
    දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
    අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
    සිහිනෙන් පෑ වදනින්
    නෙතු කැල්මේ බැල්මෙන්
    තවමත් මා හද කැළඹේ
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
    ඈ දුටු විට දෙවඟනක් වගේ
    හදවත කකියනවා හොඳටම මගේ
    දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ
    අකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ
    ඇගේ ඉඟ සුඟ ගත හැකි මගේ අත මිටින
    නිසි පුලුලුකුල මගෙ රිය සක ගැටුණ
    බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
    ඈ දුටුවම වුණා මගේ හදවත සසල
    ඔය දෙතොලඟ රැඳි සිනාවේ
    බැදුණා හදවතින් රහසේ
    පෙම් පහසක රැඳුණු මානේ
    මම අයෙත් ආලෙන් මත් වුණාවේ
    මිරිකුවා හදවත ඈ යන්තම්
    පත්තු වුනෙ හදවත මගේ ගිනි පන්දම්
    ගැලපුන අපි දෙන්නගේ පොරොන්දම්
    ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම්
    ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
    පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
    ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
    පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
    සිහිනෙන් පෑ වදනින්
    නෙතු කැල්මේ බැල්මෙන්
    තවමත් මා හද කැළඹේ
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ