සියලුම දෙනාට සුබ දවසක්. අද අපි අරගෙන ආවේ විස්තර ටිකක් ගැන Anne Marie මේ අවුරුද්දේ ගහපු අලුත්ම සිංදුවක් ගැන. ඉතින් මේ සිංදුව නිකුත් වුනේ 2020 පෙබරවාරි 7 වෙනි දින Asylum රෙකොර්ඩ්ස් ආයතනය හරහා. මේ වන විට මෙහි youtube නැරඹුම් වාර මිලියන 31 පවා ඉක්මවා ගොසින්.
මේ ගීතය රචනා කරලා තියෙන්නේ Anne, Delacey, Keith Sorrells සහ Warren Felder විසින්. ඉතින් කියන විදිහට මේක තනි album එකක් විදිහට තමයි නිකුත් කරලා තියෙන්නේ. මෙහි සංගීත වීඩියෝව රූ ගත කරලා තියෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල. ඒ වගේම එංගලන්තයේ UK Singles ආයතනයට වරකදී මෙම ගීතිය charts වලට පළමු ස්ථානයට පත් වී තිබෙනවා.
Anne Marie කියන විදිහට මෙම ගීතය ගොඩක්ම නිර්මාණය කිරීම් වලදී සහ ගායනා කිරීම් වලදී එයාට ඇත්තටම දැනුනු දේවල් තමයි ඒවාට පාදක කර ගෙන තිබෙන්නේ. ඒ වගේම එයා කියනවා මේ සිංදුව මගේ සතුට පරාවර්තනය කරනවා. ඒ වගේම මේ සිංදුව එයා සම්පූර්ණයෙන්ම හිතන විදිහ නිරූපනය කරන්න සමත් වුණු එකක් විදිහට එයා මේ දේවල් Sunday Brunch වැඩසටහනෙදි ඇය කියා තිබෙනවා.
ඉතින් ඔයාලත් මේ සිංදුව අහන්න නියම විනෝදකාමී සිංදුවක්. ඔයාගේ උපන්දිනය දවසෙත් මේ සිංදුව හයියෙන් දාලා සිංදුවේ නටන විදිහටම ඔයත් නටන්න බලන්න. කියන්න බැහැ ඔයාටත් සමහර විට ඒකාකාරී බවෙන් මිදී හොඳ නිදහස් හැඟීමක් දැනෙන්න පුළුවන්.


0 Comments